විශේෂ කඳවුරෙන් නිදහස් කරණ ලෙස ඉල්ලා ලාංකිකයෝ 16 ක් වස පානය කර දෙදෙනෙක් බඩ කපා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

විශේෂ කඳවුරෙන් නිදහස් කරණ ලෙස ඉල්ලා ලාංකිකයෝ 16 ක් වස පානය කර දෙදෙනෙක් බඩ කපා ගනී

විශේෂ කඳවුරෙන් නිදහස් කරණ ලෙස ඉල්ලා ලාංකිකයෝ 16 ක් වස පානය කර දෙදෙනෙක් බඩ කපා ගනී

ඉන්දියාවේ තිරිච්චි ප්‍රදේශයේ විශේෂ කදවුරක රඳවා සිටින ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයින් 71 දෙනකුගෙන් 16 දෙනෙකු වස පානයකර සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ඔවුන් තිරිච්චි රෝහල වෙත 21 වනදා ඇතුළත් කොට තිබේ.

 

ඉන්දියාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයින් මෙම කදවුරේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ රඳවා තබා ඇත.

 

 මීට මාසයකට පමණ ඉහතදී ඔවුන් මෙම විශේෂ රැඳවුම් කඳවුරෙන් නිදහස් කරන මෙන් ඉල්ලා දියත් කළ උපවාසයකින් අනතුරුව තිරිච්චි විශේෂ කඳවුරේ රඳවා සිටි සරණාගතයන් 81 දෙනාගෙන් 10 දෙනකු නිදහස් කොට තිබිණි.

 

ඉතිරි 71 දෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් මීට පෙර සරණාගතයන් දෙදෙනකු නිදි පෙති පානයකර ඔවුන්ගේ උදර තුවාල කරගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සහ කළ ඇති අතර ඔවුන් දෙදෙනාද මේ වන විට තිරිච්චි රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

 

වස පානය කර සියදිවි නසාගැනීමට උත්සහ කළ සරණාගතයින් 16 දෙනාද එම රෝහලටම ඇතුළත් තර ඇති අතර තිරිච්චි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

views

2126 Views

Comments

arrow-up