හිටපු ඇමති අරුන්දිකගේ පුත්‍රයා ඇතුලු නමයකට ඇප

රාගම වෛද්‍ය පීඨයට අයුතු ආකාරයෙන් ඇතුලු වී එහි වෛද්‍ය ශිෂ්‍යයන්ට පහරදුන් බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ඇරන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුලූ සැකකරුවන් 09 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද සිල්වා මහතා අද(07) නියෝග කර තිබේ.
සැකකරුවන්ගෙන් දෙදෙනෙකු අද(07) හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාක්ෂිකරුවන් විසින් සැකකරුවන් හඳුනාගනු ලැබ තිබිණි.
ඒ අනුව මෙම සැකකරුවන් පිරිස ඇප මත මුදා හැරිමට අධිකරණය නියෝග කර ඇත.
670 Views
Comments