සැඩපහරකට හසුවූ පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට

ඕපනායක, පොල්වතුගොඩ ප්‍රදේශයේ ඕකන්ද ගඟ පිටාර ගැලීමෙන් හදිසි ගංවතුර තත්ත්වය සමඟ හට ගත් සැඩ පහරකට හසුවී පුද්ගලයෙක් මියගොස් තිබේ.
නරිස්ස ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා ඕකන්ද ගඟ පිටාර ගලන අවස්ථාවේදී ගඟෙන් එගොඩවීමට යෑමේදී මෙම පුද්ගලයා සැඩපහරට හසුව ගසාගෙන ගොස් තිබෙන අතර ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කළ සෝදිසි කිරීමේදී දේහය සොයාගෙන ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 61ක් රාස්සගල, බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
ඕපනායක පොලීසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
714 Views
Comments