නිකිනි පුර පසළොස්වක පොහොය දිනය අදයි

පළමු ධර්ම සංඝායනාව පැවැත් වූ උතුම් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට (30) යෙදී තිබේ.
අජාසත් රජුගේ දායකත්වයෙන් අද වැනි දිනක රජගහ නුවර දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්විය.
බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් රහත් භාවයට පත්වූයේ ද නිකිණි පොහෝ දිනකයි.
පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹෙනු ඇත.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කරමින් සේරුවිල මංගල චෛත්‍ය රාජයා තැනීම ඇරඹුණේ ද අද වැනි පොහෝ දිනකදීයි.
මේ අතර අද දිනයේ සුපිරි සඳක් හා සුපිරි සඳක අසිරිය ජනතාවට දැක බලාගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
අද (30) දිනයේ සදෙහි විශාලත්වය 14% ක් හා දීප්තිය 30% කින් පමණ වැඩි වන අතර නැවත වරක් මෙවැනි සඳක් අපට දැකගත හැකි වන්නේ, 2037 ජනවාරි මාසයේ බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
230 Views
Comments