AUG
22
ගල්කිස්ස අධිකරණය ඇතුලේ වෙඩි තැබිමේ සිද්ධියට තවත් දෙකක් අල්ලයි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළපසුගිය 04 වැනිදා සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන්නැයි කාන්තාවක සහ තවත් අයෙකු සැකපිට ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඳුබොඩ, දෙල්ගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 520ක් සොයා ගෙන ඇතැයිද පොලිසිය කියයි.
සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
224 Views
Comments