අද සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

අද සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක

අද සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක

පවතින ඉන්ධන අර්බුදය හමුවේ වුවද අද(25) දින පාසල් යළි ආරම්භ කිරීමත් සමඟ සිසුන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පැවති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා.

ඉන්ධන අර්බුදය හමුවේ ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් පාසල් සති කිහිපයක් වසා දැමීමෙන් අනතුරුව අද යළි අධ්‍යන කටයුතු සඳහා විවෘත කරනු ලැබුවා.

මේ අනුව අද සිට සතියට දින තුනක් එනම් සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන් හි පමණක් පාසල් පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් දකුණු පළාතේ සියලුම පාසල් අද සිට සතියේ දින 5ම පැවැත්වීමටයි පියවර ගෙන තිබෙන්නේ.

views

238 Views

Comments

arrow-up