JUL
07
මහබැංකුවේ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළට

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 100කින් ඉහළ නංවා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව එය පිළිවෙලින් දැක්වෙන්නේ 14.5% ක් සහ 15.5%ක් ලෙසයි.
ඊයේ(06) රැස් වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4% මට්ටමේ පවත්වාගෙන යාමටද එහිදී තීරණය කර තිබෙනවා.
273 Views
Comments