දුම්රිය සමග සෙල්ෆි ගැසීමට ගිය තරුණයා දුම්රියේ ගැටී මරුට - තවත් අයෙකුට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

දුම්රිය සමග සෙල්ෆි ගැසීමට ගිය තරුණයා දුම්රියේ ගැටී මරුට - තවත් අයෙකුට තුවාල

දුම්රිය සමග සෙල්ෆි ගැසීමට ගිය තරුණයා දුම්රියේ ගැටී මරුට - තවත් අයෙකුට තුවාල

වවුනියාව ප්‍රදේශයේ සෙට්ටිකුලම - කල්ලාරු පාලමේ සිට සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කළ තරුණයෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

තරුණයින් දෙදෙනෙකු දුම්රිය පැමිණෙන අවස්ථාවේ පාලමේ සිට මෙලෙස සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර දුම්රිය පැමිණෙන අවස්ථාවේ එක් අයෙකු දුම්රිය මාර්ගයට ඇද වැටීමෙන් අනතුරුව ඔහු දුම්රියක ගැටී මියගොස් තිබෙනවා.

 

අනෙක් තරුණයා දිවි බේරාගෙන ඇත්තේ පාලමේ සිට ජලයට පැනීමෙනි.

 

මෙලෙස මියගොස් ඇත්තේ මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

 

තුවාල ලද තරුණයා ප්‍රතිකාර සඳහා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර ඇත

views

865 Views

Comments

arrow-up