ආචාර්ය රෝහිත රාජපකෂ ක්‍රිකට් පිටියට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

ආචාර්ය රෝහිත රාජපකෂ ක්‍රිකට් පිටියට

ආචාර්ය රෝහිත රාජපකෂ ක්‍රිකට් පිටියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන ආචාර්‍ය රෝහිත රාජපක්ෂ මහතා, කි‍්‍රකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී ඇති බව ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වාර්තා කරනවා.

 

ආරංචි මාර්ග වලට අනුව මේ වන විට ඔහු කළුතර නගර ක්‍රීඩා සමාජය සඳහා මග්ගොන සරේ විලේජ් හි පුහුණු තරගයක් ක්‍රීඩා කරමින් සිටිනවා.

 

එළඹෙන ඕවර 50 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා එම ක්‍රීඩා සමාජය අද පුහුණු තරඟයක් සංවිධානය කර ඇති අතර රෝහිත ද එම පුහුණු තරගයට ක්‍රීඩා කරන බව ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය පවසනවා.

 

රෝහිත හිටපු රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකි.

views

754 Views

Comments

arrow-up