OCT
07
අදත් කැබිනට් රැස්වීමක් ජනපති කැඳවයි

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (07) දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
අද පස්වරු 05 ට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.
එමෙන්ම වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වයන් සම්බන්ධායෙන් ද මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුවෙනු ඇත.
ඒ අනුව මෙම සතිය තුළ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පවත්වනු ලබන්නේ දෙවන වරට ද වීම විශේෂත්වයකි.
801 Views
Comments