සත්ත්ව ආහාර මිල ඉහළ යන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

සත්ත්ව ආහාර මිල ඉහළ යන ලකුණු

සත්ත්ව ආහාර මිල ඉහළ යන ලකුණු

අනාවරණය වන්නේ බඩඉරිඟු ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදුන්නද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන්ට බඩඉරිඟු ආනයනය කිරීමට ලබාදී තිබූ අවස්ථාව අත්හිටුවා ඇති බවයි.

 

 

 

කැබිනට් මණ්ඩලය පසුගියදා සත්ව ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීම සඳහා අවසරය ලබා දුන්නේය.

 

 

රජය තීරණය කරන ලද්දේ බඩ ඉරිඟු ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කරන ලද රුපියල් 75 ක බද්ද රුපියල් 25 ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලදී.

 

 

 

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන්ට බඩඉරිඟු ආනයනය කිරීමේදී ඉන් සියයට 70 ක ප්‍රමාණයක් සත්ව ආහාර නිෂ්පාදකයන්ටත්, ඉතිරි සියයට 30  ආනයනය කිරීමට අවසරය ලබාදෙන ලදී.

 

 

සත්ව ආහාර නිෂ්පාදක ලැයිස්තුව යටතේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින අතර, එම මණ්ඩලයද මෙට්‍රික් ටොන් දස දහසක පමණ බඩ ඉරිඟු තොගයක් ආනයනය කරන්නේය.

 

 

බඩ ඉරිඟු ආනයනය සඳහා ආහාර නිෂ්පාදකයන්ට සේම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට පමණක් අවස්ථාව ලබාදී තිබෙන බව ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන් කියා සිටියි.

 

 

පශු සම්පත් අංශ කියන්නේ මෙලෙස සත්ව ආහාර ආනයනකරුවන්ට බඩඉරිඟු ආනයනය කිරීමට ලබාදී තිබෙන අවස්ථාව අහිමි කිරීම නිසා ඉදිරියේදී යළි සත්ව ආහාර මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් පවතින බවත්, මේ නිසා කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් දැඩි අසීරුතාවට පත්වන බවයි.

 

 

 

ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන්ට බඩඉරිඟු ආනයනය කිරීමට ලබාදී අවස්ථාව නතර කළ බවත්, ආහාර නිෂ්පාදකයන්ට පමණක් දැනට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම්දී තිබෙන බව මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේය.

 

 

 

ඔහු කීවේ එම තොග ප්‍රමාණවත් නොවන්නේ නම් පමණක් ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන්ට බඩඉරිඟු ආනයනය සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම්දී ඇති බවයි.

 

 

ලේකම්වරයා පැවසුවේ මේ නිසා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට ද බඩ ඉරිඟු ආනයනය කිරීමට අවස්ථාව ලබාදී නොමැති බවයි.

 

 

 

බඩඉරිඟු ආනයනය කිරීමට මෙට්‍රික් ටොන් 10,000ක කෝටාවක් ලැබී තිබෙන බවත්, එම තොගය ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙන බවත් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේය.

 

 

ඔහු පැවසුවේ සිය ආයතනය රජයේ ආයතනයක් බැවින් බඩඉරිඟු ආනයනය නතර කර නැති බවයි.

 

 

views

266 Views

Comments

arrow-up