හොර දොස්තර සහ ඔහුගේ සහායකවරිය අත්අඩංගුවට

මියගිය වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකය භාවිත කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු සහ ඔහුට සහාය දැක්වූ කාන්තාවක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගබ්සා පෙති ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනා ඖෂධ තොගයක් එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ එම ඖෂධ අතර කල්ඉකුත් වූ ඖෂධ තිබෙන බවයි.
මෙම වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත්තේ වෛද්‍යවරයෙකුට තිබිය යුතු අවම සුදුසුකමක්වත් නොමැති පුද්ගලයක් බව සනාත වෙයි.
එම පුද්ගලයා කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයින් දක්වා ප්‍රතිකාර ලබාදීම සිදු කර ඇත.
මෙම වැටලීම සිදු කර ඇත්තේ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුවය.
වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා මීට වසර එකහමාරකට පමණ පෙර මියයෑමෙන් අනතුරුව සැකකරු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ප්‍රතිකාර ලබාදී ඇති බව වඩිදුරටත් හෙළි වී ඇත.
ඉංග්‍රීසි භාෂාව හැසිරවීම පමණක් සැකකරුට ඇති එකම සුදුසුකම බවට මේ වනවිට තහවුරුවී ඇත.
එම සැකකරු චීනයෙන් උපාධියක් ලබාගත් බව පැවසුව ද ඒ බව තහවුරු කිරීම සඳහා සැකකරු අපොහොසත් වූ බව පොලීසිය කියයි.
ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබෙන්නේ අත්අඩංගුවට ගත් සැකකාරිය විසින් හෙදියක් ලෙස කටයුතු කළ බවත් තවත් වරෙක ෆාමසියක කටයුතු කර ඇති බවයි.
283 Views
Comments