අපයෝජනයට ලක් වූ දැරිය හිටපු ඇමතිව හදුනා ගනී

ගල්කිස්ස ප්‍රදේශයේ අවුරුදු 15ක දැරියක් සමාජජාල හා අන්තර්ජාලයේ විකිණීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවකදී පුද්ගලයින් සිව් දෙනකු හදුනාගෙන ඇත.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි, බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙක් මෙසේ අපයෝජනයට ලක් වූ දැරිය විසින් හදුනාගෙන ඇත.
මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි හට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ හෙයින් මහෙස්ත්‍රාත්වරිය ඔහුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ නමුත් සෙසු සැකකරුවන්ගේ විමර්ශන අවසන් නොමැති හෙයින් ඔවුන්ව ජුලි 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි.
සිද්ධියට අදාල ඉදිරි විමර්ශන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සිදුකරන අතර මේ වන විට දැරිය අපයෝජනය කල 41 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
1767 Views
Comments