එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වරයාට ආ දත්ත මැකිලා - සී.අයි.ඩී. ය අධිකරණයට දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වරයාට ආ දත්ත මැකිලා - සී.අයි.ඩී. ය අධිකරණයට දන්වයි

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වරයාට ආ දත්ත මැකිලා - සී.අයි.ඩී. ය අධිකරණයට දන්වයි

කොළඹ වරායේ නාවික මෙහෙුයම් මැදිරියේ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත මැකී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ අද කරුණු වාර්තා කලා.

 

එම සන්නිවේදන දත්ත පටිගත  වන වී.ටී.එම්.එස් දත්ත පද්ධතිය ඉකුත් 2021 මැයි 01 වනදා සිට ජුනි 10 වැනිදා දක්වා අදාල දත්තයන් මැකී ගොස් ඇති බවට කොලඹ වරායේ නාවික මෙ⁣හෙයුම් මැදිරිය ලිපියක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා.

 

මේ සම්බන්ධයෙන් කරුණු සැලකිල්ලට ගත් අධිකරණය  වී.ටී.එම්.එස් යන්ත්‍රයේ දත්ත මැකී යාමට හේතුව විමර්ශනයක් සිදු කොට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂණ වරයා වෙත නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

views

975 Views

Comments

arrow-up