හෙද වර්ජනය අවසන් වෙද්දී අතුරු වෛද්‍ය සේවා වර්ජනය ඇරඹේ - රෝහල් කටයුතු අඩාලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

හෙද වර්ජනය අවසන් වෙද්දී අතුරු වෛද්‍ය සේවා වර්ජනය ඇරඹේ - රෝහල් කටයුතු අඩාලයි

හෙද වර්ජනය අවසන් වෙද්දී අතුරු වෛද්‍ය සේවා වර්ජනය ඇරඹේ - රෝහල් කටයුතු අඩාලයි

අඛණ්ඩව තුන්වන දිනටත් රෝහල්වල ප්‍රතිකාර කටයුතු සඳහා අද බාධා එල්ල වී තිබුණි. ඒ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වැඩවර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙනි.

 

ඊයේ සහ පෙරේදා යන දෙදිනද රෝහල කටයුතු අදාළ වූයේ හෙද නිලධාරින් විසින් වර්ජනයක නිරත වීම නිසාය.

 

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ගේ මෙම වැඩවර්ජනය හේතුවෙන් රසායනාගාර සේවා, ඖෂධාගාර සේවා මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද වැඩ වර්ජනයට සහභාගි වීම හේතුවෙන්  ප්‍රාථමික සෞඛ්‍ය සේවා වල කටයුතු ද ඇනහිට තිබේ.

views

1649 Views

Comments

arrow-up