MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි

MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වයි

කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබියදී ගිනි ගැනීමට ලක් වූ MSC මෙසීනා නෞකාවේ ගින්න මැඩ පවත්වා ඇත.

 

ගින්න මැඩපවත්වා ඇත්තේ නෞකා කාර්්‍යය මණ්ඩලය විසිනි.

 

මේ වනවිට නෞකාව සිය ගමනාන්තය වන සිංගප්පූරුව බලා යාත්‍රා කිරීම ආරම්භ කර ඇති බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේය.

 

ඊයේ(25) දිනයේ දකුණු මුහුදේ මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් නැගෙනහිරටවන්නට ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් සිටියදී නෞකාවේ ගින්න හටගෙන තිබිණි.

 

1995 දී සේවයට එක්කළ මෙම නෞකාව දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබුණේ පසුගිය 22 වනදායි.

 

යාත්‍රාවේ ගින්න හටගත් අවස්ථාවේ කාර්්‍යය මණ්ඩලයේ සාමාජිකයක් 28ක් සිටි අතර ඉන් එක් අයෙක් අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍යය සඳහන් කලා.

views

789 Views

Comments

arrow-up