රන්ජන් රාමනායක කරාපිටිය රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

රන්ජන් රාමනායක කරාපිටිය රෝහලට

රන්ජන් රාමනායක කරාපිටිය රෝහලට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සායනයකට යොමු කිරීමට කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් තිබේ. 

 

අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතා බන්ධනාගාර බස් රථයකින් අද(19) උදෑසන මෙම රෝහල වෙත රැගෙන ආ බව වාර්තා වේ. 

 

වෛද්‍ය නිර්දේශ මත වෛද්‍ය සායනයක් සඳහා සහභාගි කරවීමට එම මහතාව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ආ බවත් මේ වන විට ඔහු යළි අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

views

908 Views

Comments

arrow-up