ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලංකාවේ කුඩ්ඩෝ

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අංගමාලිහිදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ තමිල්නාඩු රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් තිදෙනා තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවූ අපරාධ රැසකට ද සම්බන්ධ පුද්ගලයින් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම මොවුන් ව්‍යාජ හැඳුනුම්පත් යොදා ගනිමින් ඉන්දියාවේ අංගමාලි ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවද අනාවරණය වී ඇත.
තමිල්නාඩු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගත් එම ශ්‍රී ලාංකිකයින් තිදෙනා මේ වනවිට රඳවාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
805 Views
Comments