කොත්මලය ජලාශය අවට පදිංචිකරුවන්ට රතු එළියක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද අලුයම (10) විවෘත වී ඇති බව ආපදාකලමනාකරණ ඒකකය පවසයි.
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව නිසා වාන් දොරටු තුනක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර තවදුරටත් වැසි පැවතියහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා වේල්ලට පහලින් කොත්මලා ඔයේ පදිංචිකරුවන්ට සැලකිලිමත්වන ලෙස ජලාශභාර ඉංජිනේරුවන් දැනුම් දී සිටී.
මේ අතර ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත වීමත් සමග සෙන් ක්ලේයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් ඇත
1219 Views
Comments