කෘමි සතුන්ගෙන් ඔබේ දරුවා ප්‍රවේසම් කරගන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

කෘමි සතුන්ගෙන් ඔබේ දරුවා ප්‍රවේසම් කරගන්න.

කෘමි සතුන්ගෙන් ඔබේ දරුවා ප්‍රවේසම් කරගන්න.

කෘමි සතුන් සපා කෑම නිසා අසාත්මිකතා මතුවූ දරුවන් සේම සමහර දරුවන්ගේ කනට කුඩා සතුන් යාම නිසා ගැටලු මතු වීමට පටන් ගෙන ඇත. එසේම නිවසේ සුරතලයට ඇති කරන සතුන් මත මැක්කන්, කිණිතුල්ලන් වැනි සතුන් බෝ වීම නිසාද ඉහත තත්ත්වය වඩාත් දරුණු වී ඇත.



එනිසා සැවොම මේ කාලයේදී දරුවන් ගැන නිසි විමසිල්ලෙන් පසු වීම වැදගත්ය. ඒ අතර දරුවන්ට කුඩා කල සිටම යහ පුරුදු උගැන්වීමද මවුපිය වගකීමකි.



මේ කාලයේදී බිළින්දෙකු කිසිම හේතුවක් නැතිව හඬයි නම් හැඳ සිටින ඇඳුමේ කුඩා සතුන් සිටීදැයි බලන්න. ඉන්පසුව විදුලි පන්දමක් වැනි දෙයක් භාවිත කර කන ඇතුළත සුපරික්ෂාකාරීව බලන්න.



සතකු කන ඇතුළට ගොස් ඇත්නම් සුදුසුම දේ හැකි ඉක්මනින් ළදරුවාව වෛද්‍යවරයකු වෙත ගෙන යාමයි. මෙවැනි විටෙකදී ඇතැම් මවුපියෝ කන තුළ සිටින සතා එළියට ගැනීමට විවිධ දෑ යොදා ගනිති.



ඉන් වනුයේ අපි නොසිතන තරමේ හානියකි. මේවායින් කර්ණ පටහා පටළයට හානි ගෙනදීමට පුළුවන. ඔලිව් තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් කනට දමා එමගින් කෘමි සතාව කනෙන් එළියට ගත යුතුය. එබැවින් වෛද්‍ය උපදෙස්වලින් තොර කිසිඳු අත් බෙහෙතක් කනට දැමීම ඉතා අහිතකරය

views

499 Views

Comments

arrow-up