අඩි උස දානවනම් මේ ගැන දැනගෙන ඉන්න

අඩි උස පාවහන් පැළැඳීම අද වනවිට ජනප්‍රිය කාන්තා විලාසිතාවකි. එහිදී මුහුණ පෑමට සිදුවන ගැටලුකාරී අවස්ථා, රෝගී තත්ත්ව කිහිපයක් පවතී.
මනා පළපුරුද්දක් නැත්නම්, සිරුරේ සමබරතාව රැක ගැනීමට අපහසු නම් කිසිසේත්ම අඩි උස පාවහන් පැළැඳීම සුදුසු නැත. ශරීරයේ උස, බර ගැන මෙහිදී අවධානය යොමු කළ යුතුය.
අඩි උස පාවහන් පැළැඳගෙන දිගු දුරක් පා ගමනින් ගමන් කිරීම දෙපාවලට මහත් වෙහෙසකාරී ගතියක් දනවනු ඇත. එසේම අඩි උස පාවහන් පැළැඳ ගමන් කරන විට කිසියම් මොහොතකදි හෝ සිරුරේ සමබරතාව ගිලිහී ගියහොත් ඇද වැටීමට පුළුවන. එවිට දෙපාවලට පමණක් නොව,කොන්දේ පවා අස්ථි බිඳී යාමට ලක් වීමට පුළුවන.
ඇතැම් විටෙක උස අඩි දෙපාවලට අනවශ්‍ය පීඩනයකි. දෙපාවල වේදනාවට හා ශරීරයේ ස්ථායිතාවට මෙමගින් බලපෑම් එල්ල වේ. සමතලා මාර්ගයකටත් වඩා අපේ මහා මාර්ග ගැටි, වලවල් ආදියෙන් යුතු බැවින් දෙපාවල අස්ථි සේම මාංශපේශීන්වලටද එවන් නුහුරු ඇවිදීම ගුණදායී නොවේ.
යම් හෙයකින් අස්ථියක් හෝ මාංශපේශියක් තැළුණු විටෙකදී ඒවා යථා තත්ත්වයට පත් වීමට බොහෝ කාලයක් ගත වේ. අඩි උස පාවහන් පැළඳ දිනපතා රාජකාරියට යන කෙනකු නම් සිරුරට අනවශ්‍ය පීඩනයක් එල්ල වී කොන්ද අමාරු පවා ඇති වීමට පුළුවන.
393 Views
Comments