ජලයත් කල් ඉකුත් වෙනවද?

වෙළඳසැලෙන් මිල දී ගත් ජල බෝතලයකින් ජලය පානය කරද්දී ඉන් ස්වාභාවික රසයට වඩා වෙනස් රසයක් දැනුණු අවස්ථාවන්ට ඔබ සාමාන්‍ය ජීවිතයේ දී මුහුණ දී තිබෙන්නට පුළුවන්. බොහෝ විට මෙවැන්නක් සිදුවන්නේ ජල බෝතලය කල් ඉකුත් වී ඇති අවස්ථාවලදී යි.
අනෙකුත් බොහොමයක් ආහාරවලට මෙන්ම බෝතල් කළ ජලයටත් කල් ඉකුත් වීමේ දිනයක් තිබිය හැකියි. මේ කල් ඉකුත් වීමේ දිනය බෝතලයේ සිට ජලයට කාන්දු වන රසායනික ද්‍රව්‍ය පිළිබඳ පැහැදිලි අනතුරු ඇඟවීමක් සිදු කරයි.
කෙසේ නමුත් මේ හරහා ඔබ පානය කරන ජලයේ ඇති විෂ සහිත ක්ෂුද්‍ර ප්ලාස්ටික් මට්ටම ගැන ඔබට දැනගන්නට ලැබෙන්නේ නැහැ.
පානීය ජල බෝතලයක නිශ්චිත ආයු කාලය බොහෝ විට අදාළ වෙළඳ නාමය මත රඳා පවතින්නක්. ඇතැම් පානීය ජල බෝතල් වසර දෙකක පමණ කාලයක් ගබඩා කර තබාගත හැකි වුවත් මාස තුනක් පමණක් තබාගත හැකි පානීය ජල බෝතල්ද පවතිනවා.
මේ අතර ඇතැම් රටවල්වල කල් ඉකුත් වූ ජල බෝතල් විකිණීම සම්පූර්ණයෙන් ම නීත්‍යානුකූලයි. නිසි ලෙස ගබඩා කරන්නේ නම් බෝතල් කළ ජලය දින නියමයක් නොමැති ව විකිණිය හැකි බවයි ඔවුන්ගේ ස්ථාවරය.
කෙසේ වෙතත් නුසුදුසු ලෙස ගබඩා කිරීම නිසා පානීය ජලයේ වෙනස් රසයක් ඇති විය හැකි අතර කාලයත් සමඟ ඒවා දූෂිත හෝ විෂ සහිත වන්නටත් පුළුවන්. එවැනි ජලය පානය කිරීමෙන් පහසුවෙන් ඔබ අසනීප විය හැකි නිසා සනීපාරක්ෂිත සහ දූෂිත බෝතල් කළ පානීය ජලයේ වෙනස දැනගැනීම වඩාත් වැදගත්.
ඇත්තෙන් ම බෝතල් කළ පානීය ජලය කල් ඉකුත් වීමත් සමඟ බොහෝ විට සිදුවන්නේ බෝතලයේ ඇති අන්වීක්ෂීය රසායනික ද්‍රව්‍ය බෝතලයේ ඇති ජලයට මුසුවීමයි. ඒ සංයෝගවල ක්‍රියාකාරීත්වය නිසා ඔබට පානය කරන ජලය ඇතැම් ඖෂධ හෝ ක්ලෝරීන් වැනි රසයක් ඇති කරන බව දැනෙන්නට පුළුවන්.
ඕනෑ ම බෝතලයකින් මෙවැනි රසායන ද්‍රව්‍ය නිකුත් වෙන්නට පුළුවන්. නමුත් එසේ නිකුත් වන රසායන ද්‍රව්‍ය අතරින් සමහරක් ඔබේ ආමාශයට හා බඩවැල්වලට පවා හානි පැමිණවිය හැකි ඇන්ටිමනි හෝ ඔබේ අන්තරාසර්ග පද්ධතියට බාධා කළ හැකි තැලේට් වැනි එස්ටර තරම් විෂ සහිත ඒවා විය හැකියි.
380 Views
Comments