මැලේරියාවෙන් පරිස්සම් වෙන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

මැලේරියාවෙන් පරිස්සම් වෙන්න.

මැලේරියාවෙන් පරිස්සම් වෙන්න.

මෑතකදී මැලේරියාව නිසා පුද්ගල මරණයක් වාර්තා වී ඇත. මැලේරියාවෙන් මෙවැනි ජීවිත හානියක් අපේ රටේ අවසාන වරට වාර්තා වූයේ මීට අවුරුදු දාහතරකට පෙරය.



මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් වශයෙන් මෙරටේදී තවදුරටත් මැලේරියාව බෝ වීම සිදු නොවුණත්, මැලේරියාව අවදානම් කලාපයේ රටවල සංචාරකයන් හට පහසුවෙන්ම රෝගය සම්ප්‍රේෂණය විය හැකිය.


අප්‍රිකාව, ආසියාව, මැද පෙරදිග ඇතැම් කලාප හා ඇතැම් පැසිපික් දූපත් එවන් අවදානම් කලාප ලෙසට නම් කොට ඇත.



මැලේරියා මදුරුවෙකුගේ දෂ්ටනයකට ලක් වුවහොත් දින 10 - 15 ත් අතර කාලයක දී රෝග ලක්ෂණ ඇති කරයි. එනමුත් ඇතැම් පුද්ගලයන්ට මැලේරියාව ආසාදනය වී මාස ගණනක්, ඇතැම් විට වසර කිහිපයක් ගත වූ පසුද රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ ඇත.



මැලේරියා අවදානම සහිත රටක සිට පැමිණි අය වසර තුනක් ගතවන තුරු උණ රෝග තත්ත්ව වැළඳෙන අවස්ථාවල දී මැලේරියාව පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.



කල් වේලා ඇතිව රෝගය හඳුනා ගතහොත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දී මාරාන්තික තත්ත්ව හා සංකූලතා වළකා ගැනීමට හැකියාව තිබේ.

views

314 Views

Comments

arrow-up