'පිළිකාවක් හැදුණොත් මරණය ස්ථිරයි' කියන්නෙ මිත්‍යා මතයක්

ඕනෑම පුද්ගලයකුගේ ශරීරයේ පිළිකා සෛල එකක් හෝ පිහිටා ඇත. එක් පිළිකා සෛලයක් තිබූ පමණින් පුද්ගලයකුට පිළිකා තත්ත්වයක් ඇති නොවේ.
ශරීරයේ පවත්නා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ සාර්ථක අසාර්ථකභාවය මත පිළිකා සෛල වර්ධනය වේ. යම් ගැටිත්තක් පිළිකාවක් යැයි මුල් අවධියේම හඳුනාගැනීමෙන් එය සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ හැකියාවක් පවතී.
පිළිකාවක් වැලදුණු පසු අනිවාර්යෙන්ම මිය යන බව අසත්‍යයකි. කලින් හදුනාගත් පිළිකාවන්ගෙන් 90%-95% ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සුව කර ගත හැක.
ලංකාවේ පමණක් පියයුරු පිළිකා වැලදුණු කාන්තාවන් තිස් දහසත් හතළිස් දහසත් අතර ප්‍රමාණයක් 100% ක් සාර්ථකව සුවය ලබා සාමාන්‍ය ජීවිත ගතකරයි.
පිළිකාවක් අවසන් අදියරේදී හදුනාගතහොත් සුවපත් කිරීම අපහසු ය. නමුත් පිළිකාවක් වැලදුණු පමණින් තමන් මියයනවා යැයි සිතා ඖෂධ නොගෙන සිටීම නිෂ්ඵල ක්‍රියාවකි.
369 Views
Comments