දරුවාට දුරකථනය දෙන්න පෙර දෙපාරක් හිතන්න.
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

දරුවාට දුරකථනය දෙන්න පෙර දෙපාරක් හිතන්න.

දරුවාට දුරකථනය දෙන්න පෙර දෙපාරක් හිතන්න.

දරුවන් නළවන්නට මවුවරුන් භාවිත කරන පහසුම ක්‍රමවේදයක් ලෙස ජංගම දුරකථනයක් දරුවා අත‍ට දිගු කිරීම දැක ගත හැකි යි. ඇනිමේෂන් තාක්ෂණයේ දියුණු වීමත් සමගම දෑසට අතිශයින්ම රසවත් දර්ශනයන් මවන කාටූන් කතන්දර, රසවත් ළමා ගීත අන්තර්ජාලය පුරා බහුලව දක්නට ලැබේ. සැබැවින්ම මෙකී වර්ණවත් දුරකථන තිරවලින් දරුවාට වින්දනයක් ලැබේ.



නමුත් නවතම පර්යේෂණයන්ට අනුව වාර්තා වන්නේ මෙසේ තාක්ෂණික තිර වෙතට දෑස් යොමු කරගෙන සිටීමට ඇබ්බැහි වීම කායික මෙන්ම මානසික රෝගාබාධ ගණනාවකට හේතු වන බව යි.



නින්ද නොයෑම, කොන්ද කැක්කුම, බෙල්ලේ කැක්කුම, ශරීරයෙහි බර වැඩිවීම, ශරීරයෙහි බර අඩුවීම, ඇස් පෙනී‍ම දුර්වල වීම, හිසරදය ඇතිවීම යනා දී රෝගාබාධ ගණනාවක් මෙම ඇබ්බැහිය හේතුවෙන් ළමයින්ට වැළ‍ඳෙන බව පර්යේෂකයන් පවසයි.



ඊට අමතරව සමාජ ඇසුර නොහඳුනන තත්ත්වයට පත්වීම, හීනමානය ඇති වීම, මානසිකව හුදෙකලාභාවයට පත්වීම, මානසික ආතතිය තීව්‍ර වීම වැනි මානසික වියවුල් සහගත තත්ත්වයන් ද Screen Dependency Disorder හේතුවෙන් ඇති වේ.

views

421 Views

Comments

arrow-up