වැහි එක්ක එන ඩෙංගු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

වැහි එක්ක එන ඩෙංගු

වැහි එක්ක එන ඩෙංගු

මේ දින වල පවත්නා වර්ෂා තත්ත්වයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තියෙහි වැඩි වීමක් ඉදිරියේදී දක්නට හැකි බවද මේ වන විට ලංකාවෙන් ඩෙංගු රෝගීන් 41,581 ක් වාර්තා වී ඇතැයිද ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පවසයි.

 

 

සතිපතා ක්‍රම ක්‍රමයෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගීන් 49% ක් පමණ වාර්තා වී ඇතැයිද තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් 10% ට වඩා අඩුවන් වාර්තා වී ඇති බවද වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

 

 

අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර, කෑගල්ල, රත්නපුර,ගාල්ල, පොළොන්නරුවෙහි තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය, නුවර, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව ආදියෙහි රෝගීන් වැඩිවීමට පටන්ගෙන ඇතැයිද එලෙස අවධානම් ප්‍රදේශ හඳුනාගනිමින් විශේෂ ඩෙංගු මර්දන කාල වකවානු තීරණය කරන බවද පැවසුවාය.

 

 

සතියකට දවසක් අනිවාර්යයෙන් ඩෙංගු බෝ වන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

views

343 Views

Comments

arrow-up