සුදු වෙන්න ගාන ක්‍රීම් වලින් වෙන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

සුදු වෙන්න ගාන ක්‍රීම් වලින් වෙන දේ

සුදු වෙන්න ගාන ක්‍රීම් වලින් වෙන දේ

මෑතක සිට සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයේ ඉහළ යෑමක් දැකිය හැකි බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසයි.



ලාංකිකයන්ගේ සමේ වර්ණයත් සමඟ මෙලනීන්වලින් ඇති වන ආරක්‍ෂාව නිසා සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව අඩුය.



එසේ වුවද මෑත කාලීනව බොහෝ දෙනා සම සුදු පැහැවීමට භාවිතා කරන ඇතැම් ඖෂධ සහ ආලේපන නිසා සමේ පිළිකා ඇතිවන බව ශ්‍රියානි සමරවීර මහත්මිය පැවසුවාය.



නිසි විමසීමකින් තොරව භාවිතයට ගන්නා ඇතැම් ආලේපන ද ඊට හේතුවී ඇත. වැඩි පිරිසක් සම සුදු පැහැ කරගැනීම සඳහා කිසිදු විමසා බැලීමකින් තොරව ඕනෑම ඖෂධයක් හෝ ආලේපනයක් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් රට තුළ පවතී.

views

354 Views

Comments

arrow-up