ඇතුවත් බැරි නැතුවත් බැරි ලුණු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ඇතුවත් බැරි නැතුවත් බැරි ලුණු

ඇතුවත් බැරි නැතුවත් බැරි ලුණු

අපට දිනපතා අපගේ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා සෝඩියම් අවශ්‍ය වෙනවා. සෝඩියම් අපට ලැබෙන්නේ ලුණු මගිනි. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු භාවිතා කළහොත් අපට නොයෙකුත් රෝග වලට මුහුණ දීමට සිදුවේ.



නිර්දේශිත ප්‍රමාණයට වඩා ලුණු භාවිතය හේතුවෙන් අධි රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය, වකුගඩු රෝග, ආමාශයේ පිළිකාව, ඔස්ටියෝ පොරෝසිස් සහ ඇදුම යන ලෙඩ රෝග තත්ත්වයන් වැඩිවීමේ අවධානමක් පවතී.


ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පුද්ගලයෙකු දිනකට ලුණු ග්‍රෑම් 5 ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කිරීම සුදුසුයි. මෙහි ග්‍රෑම් 05 ක් යනු කපාපු තේ හැන්දකින් එකකි.


සෑම වසර 05 කට වරක්ම STEPS නමින් සමීක්ෂණයක් පවත්වනු ලැබේ. 2021 වසරේ පැවැත්වූ සමීක්ෂණයට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 18 – 69 ත් අතර පුද්ගලයින් 6,700 ක් සහභාගී වී තිබේ.


එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනූව පෙනී යන්නේ දිනකට පුද්ගලයෙකු ගන්නා ලුණු ප්‍රමාණය ග්‍රෑම් 14.2 ක් පමණ වන බවයි. එනම් නිර්දේශිත ප්‍රමාණයට වඩා තුන්ගුණයක් බවයි.


මෙම සමීක්ෂණය පවත්වන කාලයේ අධි රුධිර පීඩනය හඳුනා නොගත් සහ එම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ලබන පුද්ගලයින් අතර පිරිමින් 62% ක්ද, කාන්තාවන් 48% ක්ද සිටින බව හෙළිවී ඇත.

views

363 Views

Comments

arrow-up