හද සුව කරන ඩාර්ක් චොකලට්

එක්තරා අධ්‍යයනයක දී පර්යේෂකයන්, මිනිසුන් විසි දහසකගේ පමණ ආහාර රටාව සහ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ අතර, දිනකට චොකලට් ග්‍රෑම් සියයක් පමණ ආහාරයට ගැනීමෙන් හෘද රෝග සහ ආඝාත අවදානම අඩු වන බව ඔවුන් නිගමනය කරන ලදී.
කෙසේ නමුත්, පර්යේෂණ පසුබිම තුළ හෘද රෝග සහ අඝාත තත්ත්ව ඇති වීමේ අවදානම අවම වීම කෙරෙහි “චොකලට් භාවිතය” යන සාධකය පමණක් බලපාන බව අදහස් වන්නේ නැත. ශරීරයේ ස්වභාවය සහ ජීවන රටාවේ ස්වභාවය ඊට බලපෑ හැකි අතර, චොකලට් භාවිතයෙන් එම රෝගී අවදානම් අවම කිරීම සඳහා අමතර සහයක් ලැබෙනවා වන්නටත් හැක.
චොකලට්වල සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගැනීමට නම් පරිභෝජනය කරන ප්‍රමාණය පිළිබඳ ව සැළකිලිමත් විය යුතු යි. චොකලට් වැඩිපුර අනුභව කරන පුද්ගලයන් ඔවුන් ගේ ශරීර බර සම්බන්ධයෙන් අඩු සැලකිල්ලක් දැක්විය හැකි බැවින්, චොකලට් කොතරම් ආහාරයට ගත්තත් ඉන් පලක් වන්නේ නැත.
මේදය සහ සීනි අන්තර්ගතය අධික චොකලට් අනුභවයෙන් අපේක්ෂිත සෞඛ්‍ය ප්‍රතිලාභය බොහෝ දුරට අත් වන්නේ නැත.
ඩා(ර්)ක් චොකලට් යනු අමුද්‍රව්‍යයක් ලෙස කිරි අඩංගු නොවන හෝ ඉතාම අඩුවෙන් අන්තර්ගත වන චොකලට් නිෂ්පාදන යි. ඒවායේ කොකෝවා අන්තර්ගතය 50%-90% වැනි පරාසයක පවතින අතර, සීනි ස්වල්පයක්, සෝයා ලෙසිතීන් සහ ඇතැම් විට වැනිලා වැනි රසකාරකයක් වැනි සීමා සහිත අමුද්‍රව්‍ය කිහිපයක් යටතේ නිපදවයි.
ඩා(ර්)ක් චොකලට්වල ඇති මේ අධික කොකෝවා අන්තර්ගතය නිසා ඒවා තරමක් තිත්ත රසයකින් යුක්ත යි. එහෙත්, කොකෝවා අන්තර්ගතය ඉහළ යන තරමට නිෂ්පාදනයේ ඇති ෆ්ලේවනොයිඩ් සාන්ද්‍රණය ද ඉහළ යයි. එබැවින්, මිල්ක් චොකලට් අනුභවයට වඩා ඩා(ර්)ක් චොකලට් අනුභවය සෞඛ්‍යමය අතින් වාසිදායක විය හැකි යි.
466 Views
Comments