පොලිස් කුඩුවට ගෙනා බත් පැකට්ටුවෙන් මතුවූදේ

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකුට ගෙනා බත් පාර්සලයක සූක්ෂමව සඟවා තිබු අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් එවූ සැකකරුගේ බිරිඳව අත්අඩංගුවට ගැනීමට ගිය පින්වන්ත පොලිසියේ පොලිස් කොස්තාපල්වරියගේ සහ සැරයන්වරයකුගේ අත් සැකකාරිය විසින් සපා කා තිබේ.
බිරිඳ මෙම බත් පාර්සලය පොලිස් භාරයේ සිටි මත්ද්‍රව්‍ය සැකකරුගේ මිතුරකුගේ අතේ එවා තිබී ඇත. බත් පාර්සලය ගැන සැක සිතූ පොලිසිය එය පරීක්ෂා කිරීමේදී එම පාර්සලයේ විශාල මාළු කෑල්ලක් තුළ සූක්ෂමව සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත.
ඒ අනුව පොලිසිය පොලිස් භාරයේ සිටි සැකකරුගෙන් ලද තොරතුරකට අනුව අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට නිවසට ගිය අවස්ථාවේදී සැකකාරිය පොලිස් නිලධාරීන් සපා කා පලා යෑමට උත්සාහ ගෙන තිබේ.
පසුව කළ සෝදිසි කිරීමේදී සැකකාරිය ළඟ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය පැකට් පහක් ද පොලිසිය සොයා ගැනීමට සමත්ව ඇත.
285 Views
Comments