මිනිස්සු රවට්ටලා අවසානයේ කෝටි ගණනක දේපල එකතු කල හොර කතගේ වෙස් මුහුණ ගැලවුණු හැටි මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

මිනිස්සු රවට්ටලා අවසානයේ කෝටි ගණනක දේපල එකතු කල හොර කතගේ වෙස් මුහුණ ගැලවුණු හැටි මෙන්න

මිනිස්සු රවට්ටලා අවසානයේ කෝටි ගණනක දේපල එකතු කල හොර කතගේ වෙස් මුහුණ ගැලවුණු හැටි මෙන්න

කාන්තාවක් මේ වගේ කූට විදිහට එක දිගට කටයුතු කරන්නේ කොහොමද කියලා හිතාගන්න වත් බැරි තරමට මේ කතා හරි වෙනස්...



මේ කියන්න යන්නේ රට වටේම ඉන්න මිනිස්සු රවට්ටලා තමගේ වත්කම් උපයාගත්ත කාන්තාවකගේ කතාවක්..



දෙස් විදෙස් සමාගම්වල මුදල් ආයෝජනය කර ඉහළ පොලියක් ලබාදෙන බව සඳහන් කරමින් ඇය මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබුණා...



ගාල්ල හා ඒ අවට පදිංචි පුද්ගලයන් විශාල පිරිසක් රවටමින් මුදල් රැස්කර රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර සැඟව සිටි මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා...



නිරෝෂා නිෂාන්ති නමැති කාන්තාව විසින් මෙසේ ගාල්ල හා ඒ අවට පුද්ගලයන් සිය දහස් ගණනක් රවටා ඇති බවටයි වාර්තා වෙන්නේ...



ඇයට එරෙහිව දකුණේ පොලිස් ස්ථාන රැසකම පැමිණිලි ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.... කොහොම වුණත් දේශීය වශයෙන් ඇය විසින් මුදල් ආයෝජනය කරන බව සඳහන් කර ඇත්තේ මත්පැන් විකිණීමේ ව්‍යාපාරයකට සහ මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් සඳහා බවටයි පසුව අනාවරණ වී ඇත්තේ...



2019 වසරේ සිට 2023 වසර දක්වා ඇය වසර 04ක් තිස්සේ සිය දහස් ගණනකගෙන් ආයෝජන ලෙස මුදල් ලබාගෙන කෝටි ගණනක මුදලක් ඇය විසින් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ...



මෙම කාන්තාව විසින් මෙසේ ආයෝජන ලෙස රැස් කරගත් මුදල් වියදම් කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටින බවත් ඇයට අයත් බව කියන හෝටලයක් ඉදි කරමින් තවත් දේපොළ මිල දී ගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවත් එම නිලධාරියා පැවසුවා...



ජනතාවට වංචා කරමින් ලබා ගන්නා මුදල් යොදවා ඇය විසින් රට වටේම විවිධ ප්‍රදේශවලින් නිවාස හා ඉඩම් මිල දී ගෙන ඇති බව ද අනාවරණය වූ බව එම නිලධාරියා පැවසුවේ...

views

383 Views

Comments

arrow-up