පංතියේදී කොන්වූ නිසා මිතුරියන්ගේ වතුර බෝතල්වලට වස දමා වස පානය කල සිසුවිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

පංතියේදී කොන්වූ නිසා මිතුරියන්ගේ වතුර බෝතල්වලට වස දමා වස පානය කල සිසුවිය

පංතියේදී කොන්වූ නිසා මිතුරියන්ගේ වතුර බෝතල්වලට වස දමා වස පානය කල සිසුවිය

පාසලේ මිතුරියන් සමග ඇතිකරගත් අමනාපයක් මත නාරම්මල විදුහලක සිසුවියක එම මිතුරියන්ගේ ජල බෝතල්වලට වස මිශ්‍ර කර ඇති බවත්, එහිදී ඒවා පානය කළ සිසුවියන් 5 දෙනකු හා එම වස මිශ්‍ර කළ බව කියන සිසුවිය ද ඒවා පානය කිරීමෙන් රෝහල්ගත කර ඇතැයි නාරම්මල පොලිසිය පවසයි.

 

මෙම සිසුවියගේ හැසිරීම විදුහලේ සීසීටීවී කැමරාවල ද සටහන් වී ඇතැයි පොලිසිය කියයි.

 

මෙම විදුහලේ පෙරේදා (14) උදෑසන රැස්වීමෙන් අනතුරුව 13 වැනි ශ්‍රේණියේ සිසුවියන් 6 දෙනකු එක්වරම රෝගාතුර වී ඇති අතර එම සිසුවියන් නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත.

 

සිසුවියන් පානය කළ ජල බෝතල්වලට යම් විෂ ද්‍රව්‍යයක් එක් වී ඇති බව රෝහලේදී හෙළි වී තිබේ.

 

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය එම පාසලේ එක් සිසුවියක පන්තියේදී කොන් කිරීම නිසා ඇය විසින් මෙලෙස ජල බෝතල්වලට වස දමා ඇය ද වස පානය කර ඇති බව හෙළිකරගෙන ඇත.

 

රෝහල්ගත කර සිටි සිසුවියන් ප්‍රතිකාර ලබා ඊයේ (15) දහවල් පිටව ගිය බවද වස මුසු කළ සිසුවිය හා එම වස සහිත ජලය පානය කර රෝහල්ගත කළ සිසුවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

views

425 Views

Comments

arrow-up