ඩ්‍රයිවර් කල විහිළුවකට බසයට ගල් ගැසූ කාන්තාවට වූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ඩ්‍රයිවර් කල විහිළුවකට බසයට ගල් ගැසූ කාන්තාවට වූදේ

ඩ්‍රයිවර් කල විහිළුවකට බසයට ගල් ගැසූ කාන්තාවට වූදේ

යාපනයේ සිට අච්චුවේලී දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කොට බස් රථයට හානි සිදු කිරීමේ චෝදනාව මත යාපනය පොලීසිය විසින් යාපනයේ කාන්තාවක් ඊයේ (08) දා අත්අඩංගුවට ගෙන තිබෙයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ සිරුපිට්ටි ප්‍රදේශයේ කාන්තාවකි.

 


ඇය පොලීසියට පවසා ඇත්තේ එම බස් රථයේ රියදුරා තමන්ට බස් රථය නොනවත්වා උසුළු විසුළු කරමින් ගිය තරහට බස් රථයට ගලකින් දමා ගැසූ බවයි.

 

කාන්තාව විසින් එල්ල කරණ ලද ගල් ප්‍රහාරය නිසා බස් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුවී ඇති අතර මගියෙකුටද සුළු තුවාල සිදුව ඇත.



යාපනය පොලීසිය අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

362 Views

Comments

arrow-up