“එයාට දෙවැනි විවාහයක් කරගන්න අයිතිය තියනවා” - මේ කතා කරන්නෙ මන්ත්‍රී නෙවෙයි, සැමියෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

“එයාට දෙවැනි විවාහයක් කරගන්න අයිතිය තියනවා” - මේ කතා කරන්නෙ මන්ත්‍රී නෙවෙයි, සැමියෙක්

“එයාට දෙවැනි විවාහයක් කරගන්න අයිතිය තියනවා” - මේ කතා කරන්නෙ මන්ත්‍රී නෙවෙයි, සැමියෙක්

මේක දේශපාලන කතාවක් නෙවෙයි. ඒක සත්‍ය වශයෙන්ම විමල් වීරවංශ ගැන කතාවක්! 


මැති ඇමති තනතුරුවලින් එහා ගිහින් බැලු‍වොත් වීරවංශව සැමියෙක් විදිහට හරි, තාත්තා කෙනෙක් විදිහට හරි හඳුන්වා දෙන්න බැරිකමක් නැහැ.


වීරවංශ මහත්තයා තරම්ම ඔහුගේ බිරිඳවත් මේ දූපතේ උන් නොදන්නවා නෙවෙයි.


ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ වරක් සිරගත වෙන්නෙ ගමන් බලපත්‍රයක් ගැන එල්ල වුණු චෝදනාවක් නිසයි. 


ඒවගේම ඇය දේශපාලන වේදිකාව ඇතුළෙත් තදින්ම බැට කෑ තැනැත්තියක්‘ වුණා.


දේශපාලනයේ බලවතුන්‘ පවා වීරවංශට මඩ ගැසීම සඳහා ඈව යොදාගත් බැව් රහසක් නෙවෙයි. වීරවංශ සිරගතව සිටි සමයේ ඔහුගේ දියණිය ගැනත් විශාල කතාබහක් ඇතිවුණා.


පියාගේ සිරගතවීම නිසා ඇය ක්ලාන්තව ඇද වැටුණු සිද්ධි මෙන්ම, රෝහල්ගත වීමේ සිද්ධි කිහිපයක් ද වරින් වර මාධ්‍ය වාර්තා කර තිබුණා.

 

කෙසේ වෙතත්, අවසානයේ එවැනි මානසික වියවුල්. මැද ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබාගැනීමට සමත් වීමත් විශේෂ සිදුවීමක් වුණා.


9 සැඟවුණු කතාව නිසා පසුගිය දිනෙක නැවත වතාවක් වීරවංශ ගැන සමාජ මාධ්‍යයේ අවධානය යොමු වුණා. පාර්ශව කිහිපයක්ම මේ කෘතියේ අන්තර්ගතයින් ගැන විවේචනය කරන්නට යෙදුණා. (විවේචනය කළ පිරිස් අතර ශවේන්ද්‍ර සිල්වාත් හිටියා!)


දැන් මේ කතාවත් වීරවංශ ගැන සැඟවුණු කතාවක් ඒක ඔහුගේ පුද්ගලික ජීවිතේ ගැන කතාවක්. වීරවංශ පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ වුණේ මැති හෝ ඇමති තනතුරු දරන කෙනෙක් විදිහට නෙවෙයි. තාත්තා කෙනෙක්‘ විදිහට සහ සැමියෙක්‘ විදිහට.


මේ ඔහු ගීත් එක්ක කියපු ඔහුගේ සැඟවුණු කතාවේ තතු කිහිපයක්.


ප්‍රශ්නය - හදිසියේ ඔබ නැතිවුණොත් ඔබේ බිරිඳ දෙවැනි වර විවාහ වෙනවට ඔබ කැමති වෙනවද ?

ඒක එයාගේ කැමැත්ත. ඇයට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒ වෙනුවෙන්.


ප්‍රශ්නය - ඔබේ බිරිඳ නැතිවුණොත් ?

මම ආයෙ බඳින් නෑ. මම ජීවිතේ මැදිවයසේ ඉන්නෙ. ආයෙ කසාද බඳින්න කිසිම වුවමනාවක් නෑ. හේතුව. දරු දෙන්නා ගැන වගකීමෙන් මට නිදහස් වෙන්න බෑනේ. අම්මනේ ඒ කාර්යය කරන්නෙ. නමුත් ඇය නැත්තම් ඒ වගකීම මගේ කර මත පැටවෙනවා. මම කැමති නෑ කුඩම්මා කෙනෙක් ගේන්න. මගේ පැත්තෙන් ගත්තොත් මම දෙවැනි වර කසාදයක් කරගන් නෑ. මම හිතනවා. එහෙම අවශ්‍යතාවයක් නෑ.

views

330 Views

Comments

arrow-up