විවාහ වී සුලු මොහොතකින් පය ලිස්සා කඳු මුදුනින් වැටී අවසන් ගමන් ගිය තරුණියගේ කතාව

විවාහ ගිවිසගෙන මොහොතකට පසු කාන්තාවක් තුර්කියේ කඳු බෑවුමකින් ලිස්සා වැටී මිය ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ යෙසිම් ඩෙමීර් නම් 39 හැවිරිදි කාන්තාවක්.
ඇය වයඹදිග තුර්කියේ Polente Cape හි පෙම්වතා වන Nizamettin Gursu සමඟ විවාහ ගිවිස ගැනීම සමරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔවුන් එම කඳු බෑවුමේ සිට හිරු බැස යන ආකාරය නරඹමින් ආහාර ගැනීමට සූදානම්ව සිට තිබෙනවා.
අනතුරුව සැමියා මදකට මෝටර් රථය වෙත ගොස් ඇති අතර ඔහුට එක් වරම කෑගැසීමක් ඇසුණු බවයි පවසා ඇත්තේ. වහාම ඔහු පැමිණෙන මොහොත වන විටත් බිරිඳ වූ යෙසිම් කඳු බෑවුමෙන් පහළට වැටී සිටි බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇය බෑවුමෙන් පහළට වැටුණත් දිවි ගලවා ගත් නමුත් පසුව ඇයගේ තුවාල හේතුවෙන් මිය ගිය බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සැමියා සඳහන් කර තිබුණේ.
”අපි එය තෝරාගත්තේ ආදර මතකයක් ඇති කර ගැනීමටයි. අපි මත්පැන් ටිකක් පානය කළා. සියල්ල එකවරම සිදු වුණා. ඇය සමබරතාවය නැති වී බිම ඇද වැටුණා” යනුවෙනි.
970 Views
Comments