රාජකාරිය පටලවාගත් පොලිස් සැරයන්ට අවසානයේ යන එනමං නැතිවූ හැටි

අනවසරයෙන් රාත්‍රි කාලයේ ගෙයකට රිංගූ රඹුක්න පොලිසියේ සැරයන්වරයකු එම නිවසේ උදවිය ඉදිරිපත් වී ගස්බැඳ ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සිද්ධිය සැලවූ විගස එම ස්ථානයට ගිය රඹුක්කන පොලිසියේ පොලිස් කණ්ඩායමක් මෙම සැරයන්වරයාගෙන් සහ කාන්තාවකගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.
පසුව සැරයන්වරයා කෑගල්ල අධිකරණයට යොමු කිරීමෙන් පසු ඔහු ලබන 3 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කර ඇත.
මෙම පොලිස් සැරයන්වරයා සහ තවත් නිලධාරීන් දෙදෙනකුද සමග ඉකුත් 24 රාත්‍රියේ පොලිස් වාහනයෙන් ජංගම නිල සංචාරයේ යෙදී ඇත.
අතරමගදී මෙම වාහනයෙන් බැසගත් සැරයන්වරයා ‘මම ළඟට ගිහින් කෑම කාලා එන්නම්’ යැයි කියා තමා සමග පැමිණි නිලධාරීන්ට පවසා ඔහු පිටව ගොස් තිබේ.
එහෙත් සුළු වේලාවකින් පොලිසියේ 119 යට ලැබුණු ඇමතුමක් අනුව වහාම ක්‍රියාත්මක වූ රඹුක්කන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මහේෂ් විජේසිරි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් රඹුක්කන ඉහළගම පරතේ ගමට යද්දී සැරයන්වරයා මෙසේ ගස්බැඳ තිබිණි.
පොලිසියට මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ 60 හැවිරිදි කාන්තාවකි. මෙම සිද්ධිය හොඳින් අවබෝධකරගත් පොලිස් පරීක්‍ෂකවරයා ගස්බැඳ සිටි සැරයන්වරයාගේ බැමි ලිහා අත්අඩංගුවට ගෙන මෙසේ කෑගල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
මෙම සැරයන්වරයා පොලිස් රාජකාරිය මුවාවෙන් ගෙයකට රිංගා තවත් රාජකාරියක් කිරීමට යෑම නිසා මෙම ඇබැද්දියට මුහුණපා තිබේ.
332 Views
Comments