ඇමති සුරතලාව රැගෙනගිය සුපිරි බසයට අතර මගදී වු හදිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

ඇමති සුරතලාව රැගෙනගිය සුපිරි බසයට අතර මගදී වු හදිය

ඇමති සුරතලාව රැගෙනගිය සුපිරි බසයට අතර මගදී වු හදිය

ප්‍රබල ඇමැතිවරයකුට අයත් සුඛෝපභෝගී බස් රථයක් ඊයේ (26) අළුයම 3.00 ට පමණ හපුතලේ නගරයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

 

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරු හා ඇමැතිවරයාට අයත් සුරතල් බලු පැටවා පමණක් සිට ඇතැයි හපුතලේ පොලිසිය කියා සිටී.

 

අනතුරින් බස් රථයට සුළු හානි සිදුවී තිබුණත් රියදුරාට හෝ සුරතල් බලු පැටවාට අනතුරක් වී නැතැයි ද පොලිසිය සඳහන් කළේය.

 

සුරතල් බලු පැටවාට ඇති වී තිබෙන අසනීපයකට ප්‍රතිකාර ලබාගෙන කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් තිබියදී බස් රථය පෙරළී ගොස් ඇත්තේ රියදුරුට නින්දයෑම නිසාය.

 

ඇමැතිවරයාට අයත් මෙම සුඛෝපභෝගී බස් රථය වෙන්කර ඇත්තේ සුරතල් බලු පැටවුන් ප්‍රවාහනය සඳහා යැයි රියදුරු පවසා ඇත. ඇමැතිවරයාට සුරතල් බලු පැටවුන් රැසක් ඇතැයිද පැවැසේ.

views

307 Views

Comments

arrow-up