මුන්දලමේ නිවසක 15 හැවිරිදි නිවුන් දැරියන් අතුරුදන් - කලින් දවසේ එක් දැරියක් ගිය තැනක් ගැන එළියට ආ හෝඩුවාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

මුන්දලමේ නිවසක 15 හැවිරිදි නිවුන් දැරියන් අතුරුදන් - කලින් දවසේ එක් දැරියක් ගිය තැනක් ගැන එළියට ආ හෝඩුවාව

මුන්දලමේ නිවසක 15 හැවිරිදි නිවුන් දැරියන් අතුරුදන් - කලින් දවසේ එක් දැරියක් ගිය තැනක් ගැන එළියට ආ හෝඩුවාව

මුන්දලම මංගලඑළියේ නිවසක පදිංචි 15 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනකු පෙරේදා (25) රාත්‍රියේ සිට නිවසින් අතුරුදන්වීමේ සිද්ධියක් මුන්දලම පොලිසියෙන් වාර්තා වෙයි.

 

මෙසේ අතුරුදන්වී ඇත්තේ පී. මල්සිකා සහ පී. දිල්ෂිකා නමැති දැරියන් දෙදෙනාය.

 

අතුරුදන්වූ දිනට කළින් දිනක එක් දැරියක් තම මවට දැනුම්දී පෙම්වතා මුණගැසීමට ගොස් ඇත. මෙම ගමනට දැරියන් දෙදෙනාම ගොස් ප්‍රමාදවී පැමිණ ඇති බව පොලිසිය කියයි.

 

මෙම ප්‍රමාදවීම නිසා මව දැරියන් දෙදෙනාටම තරවටු කර ඇත. ලොකු අක්කාද ඔවුනට තරවටු කර තිබේ. දැරියන් තමන් හමුවීමට ගිය පෙම්වතා පිළිබඳව මවට දැනුම්දී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

 

පෙරේදා (25) විනෝදගමනක් යෑමට එම දැරියන් සිය මවගෙන් රුපියල් පන්සීයක මුදලක් ඉල්ලා ඇත.

 

මව ඊට විරෝධය පළකර මෙම දැරියන් දෙදෙනාට රුපියල් සියයක් පමණක් දී ඇත. දැරියන් එම මුදල රැගෙන මදුරන්කුලියට යෑමට ඇති බව පවසා නිවසින් ගොස් ඇතැයි හෙළිවී තිබේ.

 

මෙම නිවුන් දැරියන්ගේ පියා පවුල අත්හැර ගොස් ඇති බවද මේ හේතුව නිසා මව පවුලේ බර කරට ගෙන තිබූ බවද මුන්දලම පොලිසිය කියයි.

 

එක් දැරියකගේ ජංගම දුරකථනයට පොලිසිය ඇමතුම් සිදුකළත් පිළිතුරු නොලැබෙන බව පොලිසිය කියයි.

views

372 Views

Comments

arrow-up