සුවහසක් ජනී ජනයා ආදරයෙන් වැළඳගත් විජය කුමාරතුංගයන්ගේ පිළිරුවට ප්‍රහාරයක්?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

සුවහසක් ජනී ජනයා ආදරයෙන් වැළඳගත් විජය කුමාරතුංගයන්ගේ පිළිරුවට ප්‍රහාරයක්?

සුවහසක් ජනී ජනයා ආදරයෙන් වැළඳගත් විජය කුමාරතුංගයන්ගේ පිළිරුවට ප්‍රහාරයක්?

දෙහිවල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට නිර්මාණය කර ඇති ප්‍රවීණ සිනමා නළු විජය කුමාරතුංග මහතාගේ පිළිරුවෙහි මුහුණ ප්‍රදේශයේ කොටසක් කඩා වැටි තිබෙනවා.


පොලීසිය පවසන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් පිළිරුවට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.


කෙසේ නමුත් නිශ්චිතවම එවැන්නක් තහවුරු කර නොමැති බවද සඳහන් වනවා.


ඇතැම් විට එය ස්වාභාවිකම කඩා වැටීමට ඉඩක් තිබෙන්නට හැකි බවද පොලීසිය සැකපළ කරනවා.


දැනට සිද්ධිය සම්බන්ධව කිසිඳු පැමිණිල්ලක් ලැබී නොමැති අතර සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ද මේ දක්වා සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

views

263 Views

Comments

arrow-up