“කවුරුත් නැත්නම් එන්නද මම? , මහත්තයා නම් නැහැ”‍ - තහනම් ගහේ ගෙඩිකෑ ඔහුට ලැබුණු දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

“කවුරුත් නැත්නම් එන්නද මම? , මහත්තයා නම් නැහැ”‍ - තහනම් ගහේ ගෙඩිකෑ ඔහුට ලැබුණු දඬුවම

“කවුරුත් නැත්නම් එන්නද මම? , මහත්තයා නම් නැහැ”‍ - තහනම් ගහේ ගෙඩිකෑ ඔහුට ලැබුණු දඬුවම

තහනම් ගහේ ගෙඩි කන්න ගිය හැමෝටම දවසක වරදිනවා කියන්නෙ කට කහනවට නෙවෙයිනේ.

 

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

 

ඔහු ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන කොස්තාපල්වරයෙක්.

 

පොලිස් විශේෂ කාර්යාංශයේ ගාල්ල ඒකකයේ සේවය කරන ඔහු විවාහක කාන්තාවක් සමග අනියම් සබඳතාවක් ඇති කරගන්නේ තහනම් ගහේ ගෙඩි එතරම්ම රස නිසා විය හැකියි.


දවසක් නිවාඩු පාඩු වෙලාවක ඇය සිටින නිවසට යන්නේ සැමියත් නැති වෙලාවක් බලලා.


මෙලෙස නිවසේ තනි වූ මේ දෙදෙනා ලෝකස්වාද රති‍යෙහි සුව විඳිමින් සිටියේ මුළු ලෝකයම අමතක කරමින්.


ගත වූයේ නිමේෂයකි. මාරාවේශ වූ මිනිසකු ඔවුන්ගේ ඉදිරියේ සිටින බව දුටු ඔවුන්ට දහඩිය ඉහින් කනින් බේරෙන්න වුණා.


රතියේ ලෝකාස්වාදයට එහා ගිය වේදනාවක් එක් කරමින් සැනින් කඩු පහරක් ඒ පුද්ගලයාගෙන් මේ පොලිස් කොස්තාපල්වරයාට එල්ල වුණා.


ඔව් ඒ පැමිණ සිටියේ ඇයගේ සැමියා.


ඒ අනියම් ප්‍රේමාදරයට එහෙම කඩු පහරක් එල්ල වෙද්දී මේ පොලිස් කොස්තාපල්වරයාගේ සේවයට තිත තියන්නත් පොලිස් මූලස්ථානය පියවර අරන්.


මේ දෙදෙනාගේ අනියම් සබඳතාවය දීර්ඝ කාලය සිට පැවති තිබී ඇති බවට පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂක විසින් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

 

මේ සම්බන්ධ ඉදිරි විමර්ශන සිදු කරන්නෙත් පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂක විසින්.

views

561 Views

Comments

arrow-up