ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ අභිරහස - කාන්තා මළ සිරුර රැගෙන ඒමට ගිය කෝප්‍රල්වරයෙකුත් හදිසියේම මරුට

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේදී අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුර රැගෙන ඒමට ගිය යුද හමුදා කෝප්‍රල්වරයෙක් හදිසියේ ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් රක්ෂිතය තුළදී ජීවිතක්ෂයට පත් වූ බව ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටි කෝප්‍රල් කේ. එන්. එස්. කේ. හේරත් (36) නමැති අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි.
කාන්තා මළ සිරුර රැගෙන ඒම සඳහා පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රක්ෂිතය තුළට පිවිසෙන අවස්ථාවේ යුද හමුදා කෝප්‍රල්වරයා පසුපසින් ගමන් ගෙන තිබේ.
පසුව ඊට පසු පසින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු යුද හමුදා නිලධාරියකු රක්ෂිතය තුළ වැටී සිටින බවට කළ දැනුම් දීමක් මත යුද හමුදා භට පිරිස් වහාම ක්‍රියාත්මක වී කෝප්‍රල්වරයා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ කෝප්‍රල්වරයා ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් තහවුරු කළ බව ලිදුල පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
464 Views
Comments