යාලෙන් හමුවූ වසරකට ඩොලර් මිලියන 100ක් හොයන්න පුළුවන් නිධානය

කාබන් වෙළදාම ක්‍රියාත්මක කිරීම මගින් යාල වනෝද්‍යානයෙන් පමණක් වසරකදී ඇමරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආදායමක් ඉපයිය හැකි බව පරිසර අමාත්‍යාංශය කියා සිටී.
ලෝකයේ සංවර්ධිත රටවලින් සිදු වන වායූ දූෂණය නිසා හරිතාගාර වායු මුදාහරින රටවලට යම් ගෙවීමක් කාබන් වෙළදාම හරහා සිදු කරනු ලබයි.
මේවනවිට බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක් කාබන් වෙළදාමට සම්බන්ධ වී සිටී.
කාබන් වෙළදාමට අදාල මූලික සාකච්ඡා සිදු කෙරමින් පවතින බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටී.
362 Views
Comments