ට්‍රැෆික් ඕ අයි සී ගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගිහින් ගිනි තියලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

ට්‍රැෆික් ඕ අයි සී ගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගිහින් ගිනි තියලා

ට්‍රැෆික් ඕ අයි සී ගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගිහින් ගිනි තියලා

දියතලාව පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපතිවරයා වන රෝහණ මහතාගේ පෞද්ගලික යතුරුපැදිය කිසියම් පුද්ගලයකු විසින් පොලිසියේ නවතා තිබියදී සොරාගෙන ගොස් දියතලාව හපුතලේ මාර්ගයේ ගල්කන්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගිනි තබා තිබියදී දියතලාව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

 

අදාළ යතුරුපැදිය මුළුමනින්ම ගිනිබත්වී ඇතැයි පොලිසිය පවසයි.

 

අදාළ යතුරුපැදිය සී ටී 100 බජාජ් වර්ගයේ යතුරුපැදියකි. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 2 කට අධික බව පොලිසිය කියයි.

 

මෙම සොරකම කවුරුන් විසින් කළේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් දැනගන්නට නැත.

 

දියතලාව පොලිස් ස්ථානාධිපති පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

 

 

views

316 Views

Comments

arrow-up