පෞද්ගලික ආයතනයක් ගනුදෙනුකරුවන්ට මිලියන 270ක් පොලු තියලා - තැන්පත්කරුවන් මහ පාරට

ගලෙන්බිඳුණුවැව බැංකු නගරයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයක මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 27 ක ට ආසන්න මුදලක් වංචා කරමින් ආයතනය වසා හිමිකාරිත්වය ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
මේ බව සඳහන් කරමින් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ඉකුත්දා උදෑසන 11ට පමණ එම මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක නිහඬ විරෝධතාවක නිරත විය.
පසුව විරෝධතාකරුවන් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම්වරයා මුණගැසී ඔවුන්ගේ මෙම ගැටලුව වාචිකව ඉදිරිපත්කොට පසුව ඒ පිළිබඳව කඩිනම් මැදිහත්වීමක් සිදු කරන ලෙසට සංදේශයක්ද භාරදීමට කටයුතු කෙරිණි.
අනතුරුව විරෝධයේ යෙදී සිටි පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගලෙන්බිඳුණුවැව – කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිසිය වෙත පැමිණි නමුත් ඒ වනවිටත් එහි ප්‍රධාන ගේට්ටුව වසා දැඩි ආරක්ෂාවක් යොදවා විරෝධතාකරුවන්ට පොලිසියට ඇතුළත් වීම අවහිර කිරීමට කටයුතු කර තිබූ අයුරු දක්නට ලැබුණි.
290 Views
Comments