ජීවිත දෙකක ඉරණම් තීරණය කල නිමේෂයට මොහොතක් තිබියදී උඩුගුවනට ගිය ගුවන් යානයේ කඳුළු කතාව

එදිනත් සුපුරුදු ලෙසම ඔවුන් ගුවන් ගත වන්නට ඇත්තේ තවත් එක් පුහුණු සැසියක නිමාව අපේක්ශිතව වෙන්නට ඇති...
නමුත් මේ ඔවුන්ගේ අවසන් ගුවන් ගමන බව අනපේක්ෂිත ලෙස මේ වන විටත් සටහන්ව අවසානයි...
මේ සිද්ධියට අදාල පීටී6 පුහුණු ගුවන් යානය උදෑසන 11.25 ට පමණ ත්‍රිකුණාමලය චීන වරාය විද්‍යා පීඨයෙන් උඩු ගුවනට එක් වුණේ තවත් එක් පුහුණු සැසියක් සඳහායි..
කාර්මික දෝෂයකට ලක්ව එය නැවතත් පරික්ෂා කිරීම සඳහා මෙම ගුවන් යානය ගුවන්ගත කළ නමුත්, එයට උඩු ගුවනේ රැඳී සිටීමට හැකි වූයේ විනාඩි දෙකකටත් වඩා අඩු කාලයක්....
මෙම ගුවන් යානය මීට පෙර අවස්ථාවකදී සාර්ථක පුහුණු සැසියක් නිම කර තිබුණා..
පසුව ඇති වූ කාර්මික දෝෂයක් නිසා නැවතත් එය පරීක්ෂා කිරීමට අදාළ ගුවන් ගමන සිදුකළ බවයි, ගුවන් හමුදා නිල වාර්තා පවසන්නේ...
කොහොම වුනත් මේ සිද්ධිය නිසා එහි ගමන් ගත් ගුවන් නියමු උපදේශක නිලධාරියා මෙන්ම ගුවන් ඉංජිනේරුවා ද මියගිහින්...
මේ සිද්ධියේ පරිනතම නිලධාරියා වූ වින්ග්කමාන්ඩර් තරිඳු හේරත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 37 හැවරිදි තිදරු පියෙක් වන අතර ඔහු 2006 වසරේ ගුවන් හමුදාවට එක් ව තිබුණා..
එසේම මෙහි ගමන් ගත් අනෙක් සගයා වන ෆ්ලයින් ඔෆිසර් පේෂාන් වර්ණසූරිය අලව්ව ප්‍රදේශයේ පදිංචි 26 හැවරිදි තරුණයෙක් වන අතර ඔහු 2017 වසරේශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසුවයි..
මේ සිද්ධිය වූ අවස්ථාවේදීම මෙම දෙදෙනා රෝහල්ගත කළ නමුත් ගුවන් හමුදාව පවසන්නේ ඒ වන විටත් ඔවුන් අප සැමගෙන් සමුගෙන සිටි බවයි...
කොහොම වුනත් මෙම අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බවට ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ කියා තිබුනා...
2020 වසරේ දෙසැම්බර් මාසයේ ද මෙම වර්ගයේ යානයක් කන්තලේ ප්‍රදේශයේ දී කඩා වැටීමකට ලක්ව තිබෙනවා... මේ ගුවන් යානා අවුරුදු 50කට වඩා පරනයි කිය්ලා තමයි පාර්ලිමේන්තුවේදී නම් කිව්වේ...
මේ වගේ දක්ෂ තරුන ජීවිත නැවත්ත අනතුරේ නොහෙලා මෙවැනි ඛේදනීය පුවත් යලි නොඇසෙන දවසක් උදාවේවායි, අපි ප්‍රාර්තනා කරමු...
338 Views
Comments