එස්.අයි එයාගේ ඔලු‍ව වළ දැම්මද? පිච්චුවද? - තවමත් නොවිසඳුණු හිස සුන් තරුණියගේ මරණයේ අභිරහස
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

එස්.අයි එයාගේ ඔලු‍ව වළ දැම්මද? පිච්චුවද? - තවමත් නොවිසඳුණු හිස සුන් තරුණියගේ මරණයේ අභිරහස

එස්.අයි එයාගේ ඔලු‍ව වළ දැම්මද? පිච්චුවද? - තවමත් නොවිසඳුණු හිස සුන් තරුණියගේ මරණයේ අභිරහස

වේල්ලවීදියෙන් හමුවූ හිස සුන් මළසිරුර ඒ සමයේ ටීවි සීරිස් එකක් වගේ එපිසොඩ් එක දෙක තුන හතර (එක පෙළට නැවතුමක් නැතුවම) සහ ඉන් එහා අවසාන තැනක් වෙනකන් ආවා වුණත් තාමත් කාටත් හොයාගන්න බැරිවුණු අබිරහසක්‘ ඉතිරියි.


ඇත්තටම කොහේ දැම්මද කෙල්ලගේ ඔලු‍ව ? අදටත් නොවිසඳුණු ඒ අබිරහස්‘ මරණය ගැනයි මේ කතාව.


කතාව පටන්ගන්නෙ වේල්ල වීදියෙන් හමුවුණු ට්‍රැවල් බෑග් එකකින්, බෑග් එකේ මළසිරුරක්‘ තිබුණා වුණත් ඒ සිරුර අයිති තැනැත්තියගේ හිස අස්ථානගත වෙලා තිබුණා.


ඒ නිසාම මාධ්‍ය මේ සිද්ධිය හඳුන්වා දෙන්න යොදාගත්ත විශේෂණ පදය හිසසුන් තරුණිය කියන එක. ඉන් එහා, තරුණියගේ ඝාතනය ගැන තොරතුරු එකින් එක එළියට එන්න පටන් ගන්නවා.


මළසිරුර හමුවීමත් සමඟ මාධ්‍ය මේ අතිභයානක පුවත එක පෙළට වාර්තා කරන්න පටන් ගත්තේ කවුද දන්නව නම් කතා කරන්න කියලා දුරකතන අංකයකුත් අගට අමුණලා.


ඒ සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සිටි අජිත් රෝහණ සඳහන් කළේ, එම සිරුර සිය බිරියගේ හෝ දියණියකගේ දැයි දැන කියා ගැනීමට දුරකතන ඇමතුම් 200කට වැඩි ප්‍රමාණයක් ලැබුණු බවයි. (මෙරට පමණක් නොව විදෙස් ගත පිරිස් පවා ඇමතුම් ගෙන තිබුණා! ඇතැම් පිරිස් පොලිසියට ඡායාරූප පවා ගෙනවිත් දී තිබුණා!)


ඒ සැණින්, ඝාතනයට සැක උප පොලිස් පරීක්ෂකවරයෙක් (ඔහු ඇමති ආරක්ෂක අංශයේද සේවය කොට තිබුණා!) මේ ඝාතනය පිළිබඳව පාපොච්චාරණයක් ද සිදු කර සිය දිවි හානිකරගෙන තිබුණා.


ඝාතනයට ලක්වුණු තරුණිය නමින්, දිලිනි යසෝදා ජයසූරිය නම් වුණා.


ඇගේ හිස සිරුරින් ඉවත් කරලා තියෙන්නෙ මරා දමා පැය ගණනකට පසුව බැව් විමර්ශන නිලධාරින් අනාවරණය කරගත්තා.


සැකකරා පොලිස් නිලධාරියා සිය බිරිඳගෙන් සමාව යදිමින් ලියූ ලිපියකින් ඒ සමයේ මාධ්‍ය හරහා ප්‍රචාරය වන්නට වුණා.


‘මම ලොකු වරදක් කළේ, ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා. (ඔහුගේ ලිපියේ සඳහන්ව තිබු දේ!)

මීට අමතරව තරුණියගෙන් තමන්ට ගැලවුමක් නැති තැන මේ ඝාතනය සිදු කෙරූ බවත් ඔහු ලිපියේ සඳහන් කර තිබුණා.


මරණයේ සැක තැන්‘ ඒ විදිහට අනාවරණය වුණා වුණත් තව එකම එක අබිරහසක් ඉතිරිව තිබෙනවා.


එයාගේ ඔලු‍ව කෝ ? කොහේ හරි වළ දැම්මද ? පුච්චලා දැම්මද ? නැත්තම් වීසි කෙරුවද ? ලියුම ඇතුළෙවත් නොලිවුවේ ඇයි ?‘ මේ විදිහේ ප්‍රශ්න කෝටියක් සහ අනුමාන කිරීම් දෙකෝටියක් තිබුණා වුණත් අද වෙනකන් හිස හොයාගන්න බැරිවෙලා තියනවා.


ඒ උණුසුම මැද්දෙ මාස කීපයකට පසුව බඩල්කුඹුර ප්‍රදේශයේ පාලු‍ ඉඩමකින් හිසක් මතුව තිබුණා.


බොහෝ පිරිසක් එය වේල්ලවීදියෙන් හමුවු දිලිනිගේ හිස වන්නට ඇති බවටයි අනුමාන කළේ.


කොහොම වුණත්, මේ කතාව අනියම් පෙමේ භයානකකම් කියන කතාවක් බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.


දිලිනි ට මරු කැඳවූ පොලිසියේ එස්අයි මහත්මයා එසේ අනියම් පෙමක රහ බෙදා හදාගන්නට අහිංසකියක් තෝරා පත් කරගත්තා මදිවට ඈව හිතූ හැටියට කපා කොටා දමන්නට කොහොම හිත හදාගත්තද ?


ඉන් එහා... ‌පොලිස් මහත්මයාගේ‘ දරුවන්, බිරිඳ ලෝකයට මුහුණ දෙන්න කොහොම හිත හදාගන්න ඇතිද ? සමාජයේ ගැරහුම්, අවමන් කොපමණක් ලබන්නට ඇතිද ? (මේ පිටුපස කතාව ලියන්න මාධ්‍යවලට අමතක වුණා!)


සියල්ල මුදල් මතම තීන්දු වන ආත්මාර්ථකාමී ලෝකයක තම විවාහක පෙම්වතා තමාව රැජිනක් කරාවී යන අහිංසක බලාපොරොත්තුව ඇගේ හදවතේ කොණකත් තියෙන්න ඇති. ඈත් හීන මවන්න ඇති.


තව දිග කාලයක් හීන නොබලා, ඒ හීන හැබෑ කරගන්න මේ දුර එන්න ඇති. තමන් තමන්ගේ ආත්මයම පූජා කෙරූ පෙම්වතා තමාගේ ගෙල කපා දමාවී යැයි ඇය කොහොම හිතන්න ද ?


හීන මත්තෙම නෑහුණා වුණත් හීන එක්කම (අඩුම හිස හෝ නොමැතිව!) ඈ මේ පොළව යටට මිහිදන් වුණා. සතියකින් දෙකකින් ඈ ගැන කාටත් අමතක වුණා. සමහරු ඈට දොස් කිවුවා.

ගොන් ගැහැනියක්‘ මෝඩ ගැහැනියක් විදිහට ආමන්ත්‍රණය කෙරුවා. ඒත්... මින් එහාට ගිය උනුන්ගේ කතාව දන්නෙ උනුන්ම පමණක් මිසක වෙන කවුද ?


ඒත් ඒ දෙන්නම ජීවතුන් අතර නැතිකොට, ආයෙම ඒ හිස්කබල මේ කොහෙන් හෝ මතු වුණත් අබිරහස විසඳේවීද ?

views

1057 Views

Comments

arrow-up