ප්‍රසූතියේදී බිලිඳාගේ මියයෑම ගැන අනුරාධපුර රෝහල් අධ්‍යක්‍ෂක කියූදේ

අනුරාධපුර රෝහලේදී සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු බිම වැටී මියයෑමේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසන්නේ එම දරු ප්‍රසූතියේදී අධික පීඩනයෙන් දරු ගැබේ සිටි දරුවා එළියට විසිවීම නිසා ලිස්සා ගොස් බිලිඳා බිම වැටී ඇති බවයි.
තවදුරටත් පැහැදිලි කරන රෝහල් අධ්‍යක්‍ෂවරයා පවසන්නේ මෙම දරු ප්‍රසූතිය සිදුව ඇත්තේ අදාළ මව ඇඳෙන් ට්‍රොලියට දමන අවස්ථාවේදී බවයි.
එහිදී දරුවා හා මව අතර පෙකනි වැල අඩියක පමණ කොටසක් කැඩී තිබුණ බවද පවසන අධ්‍යක්‍ෂවරයා මෙම අවාසනාවන්ත සිදුවීම නොසැලකිල්ල නිසා සිදුවූවක් බවට පැවසිය නොහැකි යැයි ද කියයි.
287 Views
Comments