අඟු‍රුවාතොට තරුණ මව හා දියණිය ඝාතනයේ ඝාතකයා බන්ධනාගාරය තුළදී සියදිවි නසාගෙන
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

අඟු‍රුවාතොට තරුණ මව හා දියණිය ඝාතනයේ ඝාතකයා බන්ධනාගාරය තුළදී සියදිවි නසාගෙන

අඟු‍රුවාතොට තරුණ මව හා දියණිය ඝාතනයේ ඝාතකයා බන්ධනාගාරය තුළදී සියදිවි නසාගෙන

අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොළහක් වයසැති ඇයගේ දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි හිටපු යුදහමුදා සෙබලා ඊයේ (22) පස්වරුවේ බන්ධනාගාර වාට්ටුවක් තුල ගෙලවැලලාගෙන මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



මෙම සැකකරු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි අයකු වන අතර මෙසේ මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඒ.ඩී. ප්‍රියාන් මධුරංග නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.



සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වාසනා කුමාරී සහ මාස 11ක් වයසැති බිලිඳියකවූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්දයෙන් අගුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.



සැකකරුගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

views

676 Views

Comments

arrow-up