“මං හිතනවා ඔයාලා හැමෝම මාත් එක්ක ඉන්නවා කියලා” - අශිකාගේ උපන්දින සැමරුම (PHOTOS)

සමහර රූප තියෙනවා කොච්චර වයසට ගියත් හැමදාම එක වගේ.
එදා දැක්ක සුන්දරත්වය අදටත් එහෙමම යි. ජනප්‍රිය රංගන ශිල්පිනි අශිකා මතසිංහ කියන්නෙ අන්න එහෙම චරිතයක්.
දරුවො තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් වුණත් ඒ රූපයේ නම් වෙනසක් වෙලා නෑ.
දැන් ඉස්සරටත් වඩා ලස්සන වෙලාද මන්දා.
ඊයේ දවස ඇයට විශේෂ දවසක් වුණා. මොකද ඊයෙ ඇයගෙ උපන්දිනය.
උපන්දිනය වෙනුවෙන් ඇය මේ විදියට අපූරු සේයා රූ එකතුවකට පෙනී සිට තිබුණා.
ඒ වගේම පරණ මතක ගැන කතා කරන්නත් රසික රසිකාවියන් වෙනුවෙන් වෙලාවක් වෙන්කරගෙන යූටියුබ් ලයිව් එකක් එන්නත් ඇය කටයුතු කරලා තිබුණා.
“ මං හිතනවා ඔයාලා හැමෝම මාත් එක්ක ඉන්නවා කියලා.
මට ගොඩාක් සතුටු හිතෙනවා. මං තනි වෙලා නෑ. මං වටේ ඉන්නවා මට ආදරේ කරන ගොඩක් දෙනෙක්. ඒ හැමෝටම ස්තූතියි.” යනුවෙන් කාටත් ස්තූතිවන්ත වෙන්නත් ඇය අමතක කර තිබුණෙ නෑ.
272 Views
Comments