පුතා කලදේට තාත්තාගෙන් වන්දි අරන් - මෙහෙම පුතාලාට අවසානයේ කුමක් වේවිද..?

කියන්න යන්නේ රට සිහින පෙන්වූ පුතෙකු නිසා පියෙකුට අත්වෙච්ච ඛේදනීය පුවතක් ගැන කතාවක්...
දරුවෝ ලොකු වෙන්න ලොකු වෙන්න දෙමව්පියන්ට සැනසීමක් දැනෙන්න ඕන වුණත් මේ තාත්තට නම් එහෙම නැති පාටයි...
අන්තිමට පුතාගේ මේ වැඩ නිසා අවසානයේ ඔහුට ජීවිතයෙන්ම වන්දි ගෙවන්න වෙලා... මේ පුවත වාර්තා වෙන්නේ කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයෙන්..
නාඳුනන පුද්ගලයින් පිරිසකගේ පහර කෑමට ලක්වූ 75 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර සඳහා පසුගිය දවසක් ඇතුළත් කර තිබෙනවා...
ඒත් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙන බව කුරුණෑගල පොලීසිය පවසනවා.... මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්..
ඔහුගේ පුතා ඩුබායි රාජ්‍යයේ සිටින අතර ඔහු විසින් පුද්ගලයන් හට ඩුබායි රටේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කර තිබෙන අයෙකු බව පොලිසිය පවසනවා....
මේ හේතුවෙන් එම පිරිස කෝප වී පියාට පහරදී ඇති බවත් පසුව පොලීසිය අනාවරණ කරගෙන තිබෙනවා...
කොහොම වුණත් මේ පිරිස ගැන සොයන්න තව දුරටත් කුරුණෑගල පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරන බව පවසනවා....
354 Views
Comments